සුන්දර " Reverston "
.
රිවස්ටන් වලට එන්න පුලවන් මාර්ග කිහිපයක්ම තියෙනවා

Ø මාතලේ නගරයෙන් පිටත්ව රත්තොට රිවස්ටන් හරහා ලග්ගල පල්ලේම - කි.මී.45
Ø දඹුල්ල නගරයෙන් පිටත්ව බකමූන හරහා ලග්ගල පල්ලේගම - කි.මී. 52

Ø මහනුවර  අයෙකුට කටුගස්තොට පසුකර වත්තේගම හරහා ඇල්කඩුවට පැමිණීමෙන් "සෙම්බුවත්ත" ට ළඟාවිය හැකි අතර, මාතලේ සිට පැමිණෙන අයෙකුට උකුවෙල හරහා ඇල්කඩුවට පැමිණීමෙන් මෙහි සංචාරය කළ හැකිය.

නිවාඩු නිකේතනයේ නවාතැන් ගැනීම සඳහා 077 317830  යන දුරකථන අංක ඔස්සේ  Sen Eco tours සේවකයන් ඇමතීමෙන් වෙන්කරවාගත හැකි අතර, නවාතැන් ගන්නා අයගේ ආහාර පිළියෙල කරගැනීම සඳහා කෝකියෙක්ද සිටි .

ඊලගට රත්තොට සිට රිවස්ටන් වෙත ගමන් ගන්නා මහාමාර්ගයේ බඹරකිරිඇල්ල වංගුවේ සිට මීටර 500ක් දුරින් මෙම සුන්දර දිය ඇල්ල පිහිටා තිබෙනවා. දුම්බර කඳුකරයේ වනාන්තරයට පිවිසෙන ඔබට එහි බට අඬුකන්ද නොහොත් රිවස්ටන් කඳු මුදුනට නැඟිය හැකියි. රිවස්ටන් වඩාත්ම ජනපි‍්‍රය වී ඇත්තේ එහි ඇති සුළං කපොල්ල නිසාය. බටඅඬුව සුළං කපොල්ල ලෙසත් මෙය ව්‍යවහාර වේ.

පිටවල පතන හමුවන්නේ රිවස්ටන් සිට කිලෝමීටර් හතක් පමණ දුර ගෙවා ගිය තැනය. එහිදී මීටර් 700 ක් පමණ ගිය විට ඔබට පුංචි ලෝකාන්තය ද දැක බලා ගත හැකිවේ

 තවදුරටත් පහලට යනකොට දකින්න පුළුවන් .දුම්බර දියඇලි අතරින් අලංකාරම දියඇල්ල වන සේර ඇල්ල ලග්ගල ප්‍රා. ලේ. කොට්ඨාශයේ පොත්තටවෙල ගම්මානයට නුදුරින් වනමැද පිහිටා තිබේ. ඉලුක්කුඹුරේ සිට කි. මී. 6ක් දුරින් පිහිටි පුවක්පිටියට පැමිණ එහි සිට තවත් කි. මී. 3ක් ගමන් කර මඳක් කැලය තුළට යාමෙන්මේ දිය ඇල්ල නැරඹිය හැකියි.
තෙල්ගමු ඔයෙන් නිර්මාණය වන දියඇල්ල උසින් මීටර 11කි. එය අප රටේ පළලම දියඇල්ලක්ද වෙනවා. බිත්තියක් ආකාරයට පිහිටා ඇති පර්වතයකින් සේරැල්ල කඩා හැලෙන්නේ අලංකාර දසුනක් මවමින්. දියඇල්ල පිහිටි පර්වතයේ ඇල්ල ඇතුළතින් එක්පසෙක ගුහාවක්ද පිහිටා තිබෙනවා. ගුහාවට පිවිසි විට ඔබට එය ඉදිරියෙන් ඇල්ල කඩාහැලෙන අන්දම දැකගැනීමේ දුලබ අවස්ථාව හිමිවෙනවා.

සේරැල්ල නරබලා ආපසු එන ගමනේදී ඉලුක්කුඹුර ගම ආසන්නයේ තෙල්ගමු ඔය දකින්නට ලැබෙන 
.
ඉලුක්කුඹුර ප්‍රදේශයේ නවාතැන් ගැනීමෙන් ඊලග දිනයේදී ඔබට.ඇති කාලය සහ දුර ප්‍රමාණය අනුව .මානිගල , වස්ගමුව ජාතික වන උද්‍යානය නැරඹීමට හෝ මොරගහකන්ද ජලාශය නැරබීමේ අවස්ථාව උදාවනු ඇත 
මේ සියලු ස්ථාන නැරබීමට අඩුම වශයෙන් දින 3 කාලයක් වත් අවශ්‍ය වනු ඇත මාර්ගය ඉතා පටු බැවින් කුඩා බස්රථ වලට පමණක් ගමන් කිරීම පහසු බව කරුණාවෙන් සලකන්න විශාල බස්රථ වලින් පැමිණ නොයෙකුත් අපහසුතා වලට පත්වනු අප දැක අත්තෙමු ..

දුහුවිලි ඇල්ල මාර්ගය ඉතාම දුෂ්කර බැවින් කුඩා දරුවන් සහ ළමුන් ගෙනයාම අපහසුය ..එසේම පරිසරයට සිදුවන හානිය සලකා එම මාර්ගය මෙහි සන්දහන් නොකරන්නෙම 

.
අවසානයට කියන්න තියෙන්නේ ජිවිතයේ ඒක වරක්වත් මෙවැනි පරිසරයක් විදින්න යන්න.සම්පුර්ණ ගමනේදිම කිලෝමිටර් 7-8 ක් පයින් යන්න තියෙනවා.ඒ් සදහා හිතලා යන්න.කම්මැලි කමට නොගිහින් ඉන්න යන්නත් ඒපා.හදිසියට දුවලා ඒන්න යන්නත් ඒපා.වෙලාව අරන් සිත්සේ විදගන්න....හැකිනම් පියවි සිහියෙන් බලන්න.
(
මද්‍යසාරයෙන් තොරව ..).. ඒතකොට තමයි මේ ගමනට වටිනා කමක් ලැබේන්නේ.
අරන් යන සියළුදේ නැවත රැගෙන ඒන්න.!
මතුපරපුරටත් මෙම සුන්දර පරිසරය දැකිමට ඉතිරි කරන්න!.






No comments: